අපගේ ඉඟුරු නිෂ්පාදන වර්ගීකරණය සහ ශ්‍රේණිගත කිරීම.
A+ ශ්‍රේණියේ වියළි ඉඟුරු
ඒ+ ශ්‍රේණිය ලෙස අප සලකන්නේ අපනයන මට්ටම දක්වා සකස් කර ඇති නිෂ්පාදනයන්ය.
වායු සමීකරණ උඳුන් වල හෝ විදුලි උඳුන් වල වෙලා ගන්නා ඉඟුරු A+ ශ්‍රේණියේ ඉඟුරු ලෙස අප වර්ගීකරණය කරයි. මෙම වියළි ඉඟුරු පෙති අපනයන මට්ටම දක්වා සකසා ඇත. වියලා ගැනීමේ අනුපාතය එකට දහතුනක් (1:13) පමණ වන අතර තෙතමන අනුපාතය සියයට දෙකත් හතරත් (2%-4%) අතර ප්‍රමාණයක පවතී නිෂ්පාදනය තුළ පවතින සුවඳ, රසය, පාට සහ සැර 5% ක ප්‍රමාණයකින් උපරිම වෙනස් විය හැක.
A ශ්‍රේණියේ වියළි ඉඟුරු
ඒ ශ්‍රේණිය ලෙස අප සලකන්නේ දේශීය ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත නිෂ්පාදනයන්ය.
ගෑස් උඳුන් වල හෝ භූමිතෙල් උඳුන් වල වෙලා ගන්නා ඉඟුරු A ශ්‍රේණිය ඉඟුරු ලෙස අප වර්ගීකරණය කරයි. දේශීය වෙළඳපොළ තුළ ඉහළ මට්ටමේ ගුණාත්මක භාවයකින් යුක්ත මෙම වියළි ඉඟුරු වියළා ගැනීමේ අනුපාතය එකට දහයක් (1:10) පමණ වන අතර තෙතමන අනුපාතය සියයට හතරත් හතත් (4%-7%) අතර ප්‍රමාණයක පවතී. නිෂ්පාදනය තුළ පවතින සුවඳ, රසය, පාට සහ සැර 10% ක ප්‍රමාණයකින් උපරිම වෙනස් විය හැක.
B ශ්‍රේණියේ වියළි ඉඟුරු
බී ශ්‍රේණිය ලෙස අප සලකන්නේ මධ්‍යම ගුණාත්මක භාවයකින් යුක්ත නිෂ්පාදනයන්ය.
දර උඳුන් වල හෝ දහයියා උඳුන් වල වෙලා ගන්නා ඉඟුරු B ශ්‍රේණිය ඉඟුරු ලෙස අප වර්ගීකරණය කරයි. දේශීය වෙළඳපොළ තුළ මධ්‍ය මට්ටමේ ගුණාත්මක භාවයකින් යුක්ත මෙම වියළි ඉඟුරු වියළා ගැනීමේ අනුපාතය එකට අටක් (1:8) පමණ වන අතර තෙතමන අනුපාතය සියයට හතත් දහයත් (7%-10%) අතර ප්‍රමාණයක පවතී. නිෂ්පාදනය තුළ පවතින සුවඳ, රසය, පාට සහ සැර 15% ක ප්‍රමාණයකින් උපරිම වෙනස් විය හැක.
C ශ්‍රේණියේ වියළි ඉඟුරු
සී ශ්‍රේණිය ලෙස අප සලකන්නේ පහළ ගුණාත්මක භාවයකින් යුක්ත නිෂ්පාදනයන්ය.
අව්වේ වෙලා ගන්නා ඉඟුරු C ශ්‍රේණිය ඉඟුරු ලෙස අප වර්ගීකරණය කරයි. දේශීය වෙළඳපොළ තුළ සාමාන්‍ය මට්ටමේ ගුණාත්මක භාවයකින් යුක්ත මෙම වියළි ඉඟුරු වියළා ගැනීමේ අනුපාතය එකට හයක් (1:6) පමණ වන අතර තෙතමන අනුපාතය සියයට දහයත් පහළොවත් (10%-15%) අතර ප්‍රමාණයක පවතී. නිෂ්පාදනය තුළ පවතින සුවඳ, රසය, පාට සහ සැර 25% ක ප්‍රමාණයකින් උපරිම වෙනස් විය හැක.
විශේෂ සටහන
අප ඉහතින් සඳහන් කළේ ශ්‍රේණිගත කිරීම් වලට අදාල ක්‍රමවේද භාවිතයේ සාමාන්‍ය ක්‍රියාවලියයි. ඇත්ත වශයෙන්ම දර උදුනක හෝ දහයියා උඳුනක වුවද නිවැරදිව හොඳින් වේලා ගත හැක. එවිට ඉහතින් සඳහන් කර ඇති අගයන් සහ දත්ත වෙනස් වෙ. එනමුත් වායුසමීකරණ උදුනක සහ දර උදුනක වෙලාගන්න නිෂ්පාදනවල ගුණාත්මකභාවයේ වෙනසක් ඇති බව මතක තබා ගන්න.
අලෙවි හා ගැනුම් කළමනාකරු
වීරවංශ මයා
CEYLON AGRI HOUSE (PVT) LTD