A+ ශ්‍රේණියේ වියළි ඉඟුරු පිලිබද කෙටි සටහනක්.
අපනයනය සඳහා ම පමණක් සකස් කරන මෙම A+ ශ්‍රේණියේ වියළි ඉඟුරු පෙති සහ පිටි ඇනවුමක් ලැබුණු පසු නිෂ්පාදනය කිරීමට සූදානම් කරයි. ඉතා සුපරික්ෂාකාරීව නිවැරදි ඉඟුරු ප්‍රභේදය තෝරා ගැනීමකින් පසුව ගුණාත්මක භාවය ඇගයීමකට ලක් කර නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගනී. ඉඟුරුවල තිබෙන ගුණාත්මකභාවය 95% ක් කට වඩා වැඩි ප්‍රමාණයක් රැකගනිමින් එහි ඇති ස්වාභාවික සුවඳ, රසය, පාට සහ සැර උපරිම අයුරින් ආරක්ෂා කරගනිමින් නිෂ්පාදන කටයුතු සිදු කරයි. පෙරදිග අපරදිග බෙහෙත් ද්‍රව්‍ය නිෂ්පාදනයට බීම වර්ග නිෂ්පාදනයට කුළුබඩු නිෂ්පාදනයට සහ වියලි ආහාර නිෂ්පාදනය සඳහා බොහෝවිට යොදා ගනී.
- වියලා ගැනීමේ අනුපාතය එකට දහතුනක් (1:13).
- තෙතමනය අනුපාතය සියයට දෙකත් හතරත් (2%-4%) අතර ප්‍රමාණයක පවතී.
- වායු සමීකරන උඳුන් වල හෝ විදුලි උඳුන් වල වෙලා ගැනීම සිදු කරයි.
- වියළා ගැනීමේ උෂ්ණත්වය 50°C ත් 55°C අතර අගයක පවතී.
- ඉතා සියුම් වැලි කැට තිබීමට හැකි අගය 0.01%
- උපරිම ගුණාත්මකභාවයෙන් තබා ගත හැකි උපරිම කාලය මාස 10 ත් 12 ත් අතර අගයක පවතී.
- මධ්‍යම පළාත තුළ වගාකරන ඉඟුරු නිෂ්පාදන පමණක් මේ සඳහා යොදාගනී. (රසය සහ සුවඳ ඉතා ඉහළ මට්ටමක පවතින නිසා).
හිතවත් පාරිභෝගික භවතුනි.
ඔබගෙන් අදාල රට තුළ වෙසෙන ගැනුම්කරු විසින් ඉල්ලා සිටින අපනයනයට අදාළ සහතික පත්, ආහාර තත්ත්ව කළමනාකරණ සහතික පත්, ශ්‍රී ලංකා ප්‍රමිති සහතික පත්‍ර, විද්‍යාගාර පරීක්ෂණ වාර්තා සහ සහතික පත්‍ර සහ වෙනත් නිශ්පාදනයට අදාල හෝ අදාළ නොවන සහතික පත්‍ර සහ වාර්තා අප විසින් විසින් නිකුත් කරනු නොලැබේ.
අප විසින් ලබාදෙන ලද මිල ගනන් අදාල මාසයට සීමා වන බව කරුණාවෙන් සලකන්න.
ඔබගේ අවශ්‍යතාවය අනුව නිවැරදි ඉඟුරු ප්‍රභේදය තෝරා ගනිමින්, පිටි හෝ පෙති මිලදී ගැනීමට කටයුතු කරන්න.

අලෙවි කළමනාකරු
විරවංශ මයා